ජපන් භාෂාවේ ප්‍රදාන සර්ව නාම පද 8 ක් දක්නට ලැබේ.

  • わたし            - මම                      
  • わたしたち    - අපි
  • あなた            - ඔබ                        
  • あなたたち    - නුඹලා
  • かれ                - ඔහු                        
  • かれら            - ඔවුහු
  • かのじょ        - ඇය                     
  • かのじょたち- ඇයලා
සරල වාක්‍ය සෑදීම.

ප්‍රණවාචී හෝ අප්‍රාණවාචී නාම පද සෑදීම සදහා භාවිතා කරන නාම පද ආශ්‍රිතව සරල වාක්‍ය ගොඩ නැගේ. ජපන් භාෂාවේ බොහෝවිට නාම පද වලත් ක්‍රියා පද වලත් සංක්‍යා බේදයක් හෝ ස්ත්‍රී ලිංග හෝ පුරුෂ ලිංග බේදයක් නොමැත.

Noun 1  Nounです。
            ↧
මෙය නිපාතයක් ලෙස යෙදී ඇති නිසා මෙහිදී මෙය  'ව'  ලෙස උච්චාරණය වේ.

ජපන් භාෂාවේ ඇති සරලම වාක්‍ය රටාව මෙය වේ.

N 1 ලෙස පළමු නාම පදයත් ඉන් පසු は නිපාතයත් N 2 ලෙස දෙවන නාම පදයත් අවසානයේ です යෙදීම මගින් මෙම වාක්‍ය රටාව නිර්මානය වේ.

යන්නෙහි අර්ථය වේ , වෙයි , වෙමි , වෙති , වෙහු , වන්නේය , වන්නීය , වෙමු etc....යන අර්ථ ගනී.


です යනු වර්ථමාන කාල ඇත අර්ථයේ පදයකි.

උදා-

わたし がくせい です。
මම ශිෂ්‍යයෙක්/ශිෂ්‍යාවක් වෙමි.

はは いしゃ です。
අම්මා වෛද්‍යවරියක් වෙයි.

ともだち せんせい です。
මිතුරා ගුරුවරයෙක් වෙයි.


ප්‍රශ්නාර්ථ වාර්තී වාක්‍ය සෑදීම.

ජපන් භාෂාවේ ප්‍රශ්නාර්ථ වාර්තී වාක්‍ය සෑදීමේදී වාක්‍ය අවසානයට ' か (ක)'  යන අක්ෂරය එක් කරයි.මෙය සිංහල භාෂාවේ 'ද?' වලට සමාන වේ.නමුත් සිංහල භාෂාව මෙන් ප්‍රශ්නාර්ථ ලකුණ '?' නොයෙදේ.

Noun 1 は Noun 2 ですか

උදා-

あなた は がくせい ですか
ඔබ ශිෂ්‍යයෙක් වේද?

ともだち は ちゅうごくじん ですか
මිතුරා චීන ජාතිකයෙකු වේද?

かれ は いしゃ ですか
ඔහු වෛද්‍යවරයෙක් වේද?

https://suriranka.blogspot.com කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න.