හිරු නැගෙන දේශය නමින් විරුදාවලීය ලත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ පිහිටා ඇත.ජපානය පිලිබද ඔබ නොදත් තොරතුරු කිහිපයක් ගැන මෙම ලිපියෙන් අපි බලමු

1. ළමයින්ට වඩා වැඩිහිටි ජනගහනය වැඩිය.

ජපානය පිළිබඳ කනගාටුදායක කාරණය නම්, ජපන් ජනයා අතර ළමයින් බිහි කිරීමේ මනෝභාවය ඉතා අඩු වීමයි.
වර්තමාන ජපන් සමාජයේ කාර්‍යබහුලත්වය නිසා පවුලක් සමග ජීවත් වීමට කාලය නොමැත. මෙම හේතුව නිසා මෙහි ළමා ජනගහනයට වඩා වැඩිහිටි ජනගහනය වැඩිය.
එපමනක් නොවේ ජපානයේ ළදරු ඩයපර් වලට වඩා වැඩිහිටියන්ගේ ඩයපර් විකිනෙයි.

ඒ අතර ජපානයේ දූපත් වලින් එකක් වන ඔකිනාවා වල ලෝකයේ දීර්ඝතම ආයු අපේක්ෂාවයි. එම නිසා ජපානයේ වයස අවුරුදු 100 ට ඉකමවූ පුද්ගලයින් ඕනෑ තරමක් සිටිති.

2. සිදුවන අපරාධ ප්‍රමානය ඉතා අඩුයි.

ලෝකයේ ඉතා අඩුම අපරාද ප්‍රමාණයක් වාර්ථා වන රටවල් වලින් එකක් වීම නිසා ජපානය ලෝකයේ ආරක්ශිතම රටවල් වලින් එකකි.
එය කොතෙක්ද කිවහොත් ජපානයේ ජනතාව තම නිවෙස් සහ බයිසිකල් වලට පවා අගුලු දමන්නේ නැත.


3. Vending Machine

ජපානය ගත් කල ලෝකයේ වැඩිම Vending Machine ප්‍රමාණයක් ඇති රටයි.ඔබ ජපානයට ගියහොත් ඔබට මෙම විකුණුම් යන්ත්‍ර සෑම ස්ථානයකම දැකිය හැකිය.එය නූතන ජපන් සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇත..
ජපානයේ ජනතාව කාලය නාස්ති කිරීමට කැමති නැත.එයට හේතුව ජූස් වර්ග මිලදී ගැනීම සදහා සහ තවත් යම් යම් පොඩි දේවල් මිලදී ගැනීම සදහා පෝලිම් ගැසී කාලය කා දැමීමමට කැමැති නැත එයට වේලාවක්ද නැත.

4. දූපත් 6852 ක්

ජපානය යනු දූපත් රාශියකින් සමන්විත රාජ්‍යයක් බව අප බොහෝ දෙනා දන්නා කරුණකි.
එපමණක් නොව, ජපානය ලෝකයේ සිව්වන විශාලතම දූපත් රාජ්ය වේ. ජපානයේ දූපත් 6852 ක් ඇත.
මේ අතර විශාල දූපත් හතරක් ඇත.ඒවා නම් හොන්ෂු, හොක්කයිඩෝ, කියුෂු සහ ෂිකෝකු වේ.
එය ජපානයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 90 ක් අත්පත් කර ගනී.


5. ජීවිතයට පාඩමක්

පිරිසිදු කිරීම යනු ජපානයේ පාසල්වලට යන දරුවන්ගේ අධ්‍යාපනයේ වැදගත් අංගයකි.
එහි නීති සහ රෙගුලාසි පිලිපැදීම ඉතා වැදගත් වේ.එබැවින් පාසල් දරුවන්ට මේවා පිලිපැදීම ඉතා වැදගත්ය.

6. ශිෂ්න සැණකෙළිය

ජපානයේ Penis  Festival නමින් උත්සවයක් ඇත.ඔවුන් මෙම උත්සවය කනමාරා මට්සුරි ලෙස හඳුන්වයි.
මෙම උත්සවය අප්‍රේල් මස පළමු ඉරිදා ජපන් නගරයක් වන කවාසාකි හිදී සමරනු ලැබේ.
ශිෂ්නයේ ආකාරයට සකසනු ලැබූ චොකලට්, එළවළු, සැරසිලි යනාදිය මෙහිදී දක්නට ලැබේ.



7. භූමිකම්පා

ජපානයේ වාර්ෂිකව භූමිකම්පා 1500 කට අධික ප්‍රමාණයක් සිදු වේ.වාසනාවකට මෙන් මෙම භූමිකම්පා වලින් බොහොමයක් විශාල බලපෑමක් නොකරයි.
භූමිකම්පා කිහිපයක් ඉතා විශාල බලපෑමක් කරයි. ඒවා රිච්ටර් පරිමාණයෙන් 8 ට වඩා තිබේ.

8. කාර්යාලවල පවර් නැප්ස්

ජපානයේ ජනතාව වෙහෙස මහන්සි වී වැඩ කරයි.ජපන් ජාතිකයන් ලෝකයේ අනෙක් රටවලට වඩා වෙහෙස මහන්සි වී වැඩ කරයි.
මෙම නිසා ජපානයේ කාර්‍යාල වේලාවන් වලදී නිදා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. ඒ විඩාවට පත්වී සිටින සේවකයන් පොඩි නින්දක් දමා වැඩ කිරීම මගින් ඉතා කර්‍යක්ශමව වැඩ කල හැකි නිසාය.
මේ සදහා ජපානයේ, පවර් නැප්ස් යනුවෙන් නිදාගෙන ටික වේලාවක් විවේක ගත හැකි ස්ථානයක්  කන්තෝරුවල තිබේ.

9. තෑග්ගක් ලෙස පලතුරු

අපි රාත්‍රී භෝජන සංග්‍රහයක් නැත්නම් යමෙකු බැලීමට ගියහොත් අපි රසකැවිලි මිලදී ගන්නෙමු.
නමුත් ජපානයේ ඔවුන් යමෙකු බැලීමට ගිය විට ඔවුන්ට තෑගි ලෙස පළතුරු රැගෙන ගොස් දෙයි.

10. මැක්ඩොනල්ඩ්ස්

ජපානයේ මැක්ඩොනල්ඩ් අවන්හල් 3000 කට වඩා තිබේ.
නමුත් එක්සත් ජනපදය හා සංසන්දනය කිරීමේදී මෙය ඉතා ස්වල්ප ප්‍රමාණයකි.
එක්සත් ජනපදයේ මැක්ඩොනල්ඩ්ස් 14 දහසකට වඩා ඇත.



11. රෙඩිමේට් ආහාර

ජපන් ජාතිකයින් බොහෝ විට ආහාර පිසින්නේ නැත. කාර්‍යබහුලත්වය නිසා ඔවුන්ට නිවසේදී ආහාර පිසීමට වෙලාවක් නැත.එබැවින් උදේ සහ රාත්රියේදී මෙලෙස රෙඩිමේට් ආහාර ගැනීමට ජපන් ජාතිකයින් පුරුදු වී ඇත.එහිදී ‍රෙඩිමේට් සුෂි රෝල්ස්, සැන්ඩ්විච් සහ වෙනත් ආහාර වර්ග මිලදී ගත හැකිය.

12. පච්ච කෙටීම

පච්ච කෙටීම ජපානයේ ප්‍රතික්ශේපිත දෙයක්.
ජපානයේ පාතාල කල්ලි වල අය පච්ච කෙටීම සිදු කරයි එම නිසා ජපානයේ සාමාන්‍ය වැසියන් මෙලෙස පච්ච කෙටීම සිදු කරන්නේ නැත.
එම හේතුව නිසා ජපානයේ ඇති ප්‍රසිද්දඔන්සන් උණු දිය උල්පත් වල මෙලෙස පච්ච කොටා ඇති අයට නෑමට අවසර නැත.



13. විභාග

ජපන් පාසල්වල පළමු පන්තියේ සිට තුන්වන පන්තිය දක්වා විභාග නොමැත.ඔවුන්ගේ අධ්‍යාපනයේ පරමාර්ථය ලෝකය පිලිබදව සහ එදිනෙදා කල යුතු සදාචාරාත්මක දේවල් ගැන දැන ගැනීමයි.